Instructions for graduate training

 

 

 

 උක්ත වැඩසටහන යටතේ තෝරාගත් අයදුම්කරුවන්ගේ තොරතුරු රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.pubad.gov.lk) පළ කොට ඇත.

එහි නම් සදහන් ගෝනාපීනුවල ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ අයදුම්කරුවන් 2020.09.02 දින අප කාර්යාලය වෙත පුහුණුවට වාර්තා කළ යුතුය.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කල නව අභ්‍යාසලාභී පත්වීම් ලිපි 2020.09.02 දින අප කාර්යාලයේදී ලබා ගත හැක.

පුහුණුව සදහා වාර්තා කිරීමේදී පහත ලිපි ලේඛණ වල මුල් පිටපත් හා ජායා පිටපත් කට්ටලයක් ද රැගෙන ඒමට කටයුතු කරන්න. (04 හා 05 ඔබට අදාල නම් සුදානම් කර තබා ගන්න)

  1. ජාතික හැදුනුම්පත
  2. උප්පැන්න සහතිකය
  3. ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන පදිංචිය සනාථ කිරීමේ සහතිකය
  4. විස්තරාත්මක ප්‍රතිඵල ලේඛණය ( උපාධි සහතිකය හෝ විස්තරාත්මක ප්‍රතිඵල ලේඛණය විශ්ව විද්‍යාලය විසින් මෙතෙක් නිකුත් කර නොමැති නම් අදාල විශ්ව විද්‍යාලයේ ලේඛනාධිකාරී විසින් ප්‍රතිඵල සනාථකරමින් නිකුත් කර ඇති ලිපිය)
  5. ඔබ ඩිප්ලෝමාධාරියකු නම් හෝ රජයේ විශ්ව විද්‍යාලයන් නොවන උපාධි පිරිනමන ආයතනයක උපාධිධාරියෙකු වේ නම් හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය/ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එම සුදුසුකම් පිළිගනිමින් ඔබේ නමට නිකුත් කරනු ලබන ලිපිය
  6. නමෙහි වෙනසක් වේ නම් ඒ සදහා දිව්රුම් ප්‍රකාශය
  7. අදාල වන්නේ නම් උපැවිදි සහතිකය
  • පුහුණු ස්ථානය සංශෝධනය කර ගැනීම සදහා අවශ්‍යතාවය පවතින පුහුණුලාභීන් නියමිත දින දැනට පත්කර ඇති සේවා ස්ථානයේ පුහුණුව සදහා වාර්තා කර, ඉහත ලේඛණ සියල්ල ඉදිරිපත් කර සුදුසුකම් සනාථ කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇති නියමිත අයදුම් පත්‍රය (Annex vii ආකෘතිය) සම්පූර්ණ කර ප්‍රාදේශීය  ලේකම් වෙත භාර දිය යුතුය.
  • මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සදහා අමාත්‍යාංශයේ www.pubad.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

News & Events

27
Aug2020

Instructions for graduate trainees

  Instructions for graduate training    ...

26
Feb2020

Employment of unemployed graduates and diploma holders

Employment of unemployed graduates & diploma holders...

Scroll To Top